ජැකලින් නවකයන් එක්ක


Cute-Jacqueline-Fernandez-HD-Images"කික්" චිත්‍රපටය තුළින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකා සුරූපි ජැකලින් ෆර්නැන්ඩේස් මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින්නීය.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට ජැකලින් මේ වසරේ රංගනයෙන් දායක වන "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය හැරෙන්නට අනෙකුත් සියලුම බොලිවුඩ් චිත්‍රපටවල නවක නළුවන් සමගින් ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන්නීය. රෝහිත් ධාවන්ගේ "ඩිෂුම්" චිත්‍රපටයේ ඇය වරූන් ධාවන් සමගින් රංගනයේ යෙදෙන අතර, රිමෝ ඩී සූසාගේ "අ ෆලයින් ජැට්" චිත්‍රපටයේ ජැකලින් ටයිගර් ෂෙරොෆ් සමගින් රංගනයේ යෙදෙන්නීය. ඊට අමතරව මේ වනවිටත් නමක් යොදා නැති චිත්‍රපට කිහිපයක ඇය සිද්ධාර්ත් මල්හෝත්‍රා හා සරෝජ් පංචාලි සමගින් රංගනයේ යෙදෙන බවද සඳහන් වෙයි.

පසුගිය වසරේ ජැකලින් රංගනයෙන් දායක වූ "රෝයි" හා "බ්‍රදර්ස්" චිත්‍රපට අතිසාර්ථක වුවද "බැන්ග්ස්ටන්" හා "ඩිෆෙන්ෂන් ෆෙයාර්" හොලිවුඩ් චිත්‍රපට අසාර්ථක විය. කෙසේ වෙතත් ඇය පසුගිය වසරේදී ඉන්දීය සම්මාන උලෙළවල් කිහිපයකදීම "කික්" චිත්‍රපටයේ ඉදිරිපත් කළ "ශානියා" චරිතයට හොඳම නිළිය ලෙස ජනතා සම්මානද හිමිවූවා.

 

tharunaya