ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය රජය සමයේ ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද එෆ්සීඅයිඩියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.