ජානකි කුරුකුලසුරියටත් දඩ


ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි වන සේ  පරිසරය පවත්වාගෙන ගිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි ජානකි කුරුකුලසුරිය ඇතුළු 17 දෙනකුට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.

කොහුවල පොලිසි පැමිණිල්ල ඉදිරිපත් කළේය.