රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂිකා නිලූකා සංජීවනි මහත්මියට සහ උප පොලිස් පරික්ෂක අමිත සිල්වා මහතාට ලබන මාර්තු මස 2 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගමිපහ පළාත් බද මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය
රුසියාවේ හිටපු තානාපති මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනකු ඝාතනයට ලක්වූ එල්ටීටීය විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවට සාක්ෂි දීමට ඔවුන්ට අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණ.
මෙම නඩුව විභාග කිරිම සදහා ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කළේ අගවිනිසුරු කේ. ශ‍්‍රි පවන් මහතා ය. ඒ රජයේ ජ්‍යෙෂඨ අධිනීතිඥ සුදර්ශ ද සිල්වා මහතා සහ විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුවය.
මෙම නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී අද (16) විභාගයට ගැණිනි.

