ජාතියේ පියා සිහි කරයි


නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම 66 වැනි නිදහස් දා සිදු කැරිණි.

එක්සත් ජාතික පක්ෂය, කොළඹ මහ නගර සභාව සහ ඩී එස් සේනානායක ගුණ සමරු කමිටුව එක්ව මේ උත්සවය සංවිධානය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක, හිටපු අමාත්‍යවරුන් වන කරුණාසේන කොඩිතුවක්කු, හේමකුමාර නානායක්කාර, රුක්මන් සේනානායක, ඩී එස් සේනානායක ගුණ සමරු කමිටුවේ ලේකම් ප්‍රසන්න ජයසූරිය ඇතුළු පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.

කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා දොඹකරයක නැඟ සේනානායක පිළිරුවට මල් දමක් පැළඳුවේය.