ජාතිය අවදි කරන්න සත්‍යග්‍රහයක්


පැවිදි හඬ හා සියලු දේශ හිතෛෂී සංවිධාන වල එකමුතුව සංවිධානය කළ පා ගමන සහ සත්‍යක්‍රියාව අද (08) පස්වරුවේ කොළඹ කොටුව දී පැවැත් විණි.

දුම්රියපොළ අසලින් ආරම්භ කළ පා ගමන කොටුව බෝධිය අසලට ගොස් එම ස්ථානයේදී සත්‍යග්‍රහය ආරම්භ කළේය.

ඒකීය රාජ්‍ය දෙකඩ කිරීම පරාජය කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට විරුද්ධ වීම, දේශීය කෘෂි ආර්ථිකය රැක ගැනීම,වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිවීම හා ජාතික සමගිය බිඳ හෙළීමේ කුමන්ත්‍රන වලට එරෙහිවීම මෙම සත්‍යග්‍රහයට හේතු විය.

‘මව් බිම අනතුරේ ! මහ සඟරුවන පෙරමුණේ’ යන්න මෙහි තේමාව විය.

IMG_7683 IMG_7721 IMG_7731 IMG_7733 IMG_7780 IMG_7786 IMG_7803 IMG_7804 IMG_7819

1