ජාතික හැඳුනුම්පත තෙබසින්ම


 සිංහල ඉංග්‍රිසි  සහ දෙමළ  හා  ත්‍රි භාෂාවෙන්ම  විද්‍යුත් ජාතික හැදුනුම්පතක්  ඉදිරියේදී නිකුත් කිරිමට කටයුතු කරන බව  නිතීපතිවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 නීතීපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පැවසුයේ  සිංහලෙන් පමණක් ජාතික හැදුනුම්පත නිකුත් කිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි  සදහන් කැර තිබු  මුලික අයිතිවාසිකම් පෙත්සම කැදවු අවස්ථාවේදීය.

 මෙම පෙත්සම අග විනිසුරු  මොහාන් පීරීස් ,චන්ද්‍රා ඒකනායක සහ රෝහීනී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

 පෙත්සම් කරු වෙනුවෙන්  නීතීඥ  එම් එස්  සුමන්තිරන් මහතා පෙනි සිටියේය.