හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සහ වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න යන මහත්ම මහත්මීන්ගේ අනුශාසකත්වයෙන් ‘ජාතික සහජීවන කවි සංවිධානය‘ පසුගියදා ආරම්භ කැරිණි.
සහජීවන සංහිඳියා සමාජයක් සඳහා රට පෙළගැස්වීමටත් සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රධාන සියලු ජාතීන් අතර සිටින කවි කිවිඳියන් එකතු කිරීම අරමුණු කරගනිමින් පිහිටවූ එම සංවිධානයේ සභාපති ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභෘපති සුමනතිස්ස තාඹුගල මහතා පත් කර ඇත.
එහි ජාතික සංවිධායක වදාකඩ නවරත්න මහතාය.
සියලු ජාතීන්ට අතර සිටින කවි කිවිඳියන්ට මේ සඳහා එක්වන ලෙස කවි සංවිධානය ඉල්ලා සිටී. විස්තර සඳහා ජාතික සහජීවන සංවිධානය, අංක 3, ස්කැම්බුල් පෙදෙස, කොළඹ 3ලිපිනයෙන් විමසීම් කළ හැකි ය.

