ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට


රට ආපස්සට අදින පරගැති  මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණ.

ඒ සදහා  බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති,ආචාර්ය මැදගොඩ අභයතිස්ස,මැදගම ධම්මානන්ද,බෙංගමුවේ නාලක,ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසාර යන හිමිවරුද ආචාර්ය ගුණදාස අමරසේකර,ඇමැති විමල් වීරවංශ,මහාචාර්ය උපාලි ජයසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.

විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාතිව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කථිකයෝ සභාව ඇමැතූහ.

විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි  රට මෙහෙයවීමට ඉඩ නොදෙන  බව ඔවුහු කීහ.

RDS_9198 RDS_9244 RDS_9289 RDS_9318