ඉංග‍්‍රීසීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබූ විරුවන් ජාතික වීරයින් ලෙස නම්කිරීම සඳහා රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇති මෙම කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශ‍්‍රාමලත් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය පත්කර සිටී.
1818 කන්ද උඩරට නිදහස් සටනට හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මෙම විරුවන් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇත.
මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස, කැළණිය විශ්ව විද්‍යාලයේ පූරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, රජයේ ලේඛණාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඞී.විමලරත්න හා ආචාර්ය ප‍්‍රදීප් වීරසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

