(බිඟුන් මේනක ගමගේ)
ජාතික වීර දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී 90 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරෙන බව ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා පවසයි.
සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වැනිදා කොළඹ, නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වෙන බවත් ශ්‍රී ලංකාභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්ධු, වීර චූඩාමණි, විද්‍යාජෝති, කලාකීර්ති, ශ්‍රී ලංකා ශිඛාමණි, විද්‍යානිධි, කලාසූරී, ශ්‍රී ලංකා තිලක හා වීර ප්‍රතාප සම්මාන විශිෂ්ටතා අනුපිළිවෙල වන බවත් අබේකෝන් මහතා කියයි.

