හිසෙහි සහ මුහුණේ බරපතල විකෘතිතා ඇති රෝගීන්ට සංකීර්ණ සැත්කම් කිරීම සඳහා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඩේවිස් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත බවත් ජනවාරි(9)කොළඹ ජාතික රෝහලේ හතර වාට්ටුවේ බරපතර විකෘතිතා ඇති රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ සායනයක් පැවැත්වෙන බවත් කොළඹ ජාතික රොහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි
වෛද්‍ය කණ්ඩායම සතියක් පුරා රෝහලේ රැදී සිටිමින් සැත්කම් සිදු කිරීමට නියමිත අතර වැඩි කාලයක් ගතවන මෙම සැත්කම් විසිපහක් පමන සිදුකිරීමට හැකිවනු ඇතැයිද ගයාන් මහතා වැඩිදුරටත් පවසයි
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී දුලිප් පෙරේරා සහ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ප්‍රමුඛ වෛද්‍ය ඛණ්ඩායමක්ද මෙයට එක්වීමට නියමිතය




