කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් හයක දී රෝගීන් හතර දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශල්‍යකර්මලදී භාවිත කරන ඩයි වර්ගයක් ආසත්මික වීම ඊට හේතුව විය හැකියැයි සැක කරන බව ද ඔහු කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග, අධ්‍යක්ෂ කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහන ද සිල්වා එහි සාමාජිකයෝ වෙති.
මෙම ඩයි වර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.