(රංජන් කස්තුරි)
කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ.
පටකවේදීය පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිත කරන ඉදිකටු වර්ග නොමැතිකම හේතුවෙන් එම පරීක්ෂණ නතර වී ඇතැයිද පැවසේ.
එම ඉදිකටු වර්ග ඉතා අධික මිලක් බවත් ඒවා විකිරණ අංශයට සපයනු ලබන්නේ ප්‍රධාන පෙළේ ඖෂධ ආයතන සමාගම් කිහිපයක් පමණකැයිද සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත සංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත මහතා කීවේ පටකවේදී පරීක්ෂණ නතර වීම නිසා පිළිකා රෝග හඳුනා ගැනීම සම්බන්ධ පරීක්ෂණ කලට වේලාවට කර ගත නොහැකිව රෝගීන් අසරණව සිටින බවයි.

