ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි


සමස්ත ලංකා  සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති  ටී.එච් සෝමරත්න මහතාගේ  ස්ථාන මාරුව නිසා  කොළඹ ජාතික රෝහලේ   සුළු සේවක වර්ජනය අද (02) දෙවැනි දිනටත්  පැවැත්විණි.

මේ හේතුවෙන් දෛනික රෝහල් සේවා අඩපණ වීම වැළැක්වීම පිණිස සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් කැදවනු ලැබුහ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා පැවසුවේ  අසරණ රෝගීන්ට  කිසිදු බාධාවක් නොවීම සදහා මෙම තීරණය ගත් බවයි. සාමාන්‍යෙයන් සෞඛ්‍ය සේවාවේ ඔනෑම වෘත්තිය සමිත ක්‍රියා මාර්ගයක්  ගත්තද අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කළ යුතු බවත්  මෙම  සුළු සේවකයින් එලෙස ක්‍රියා නොකොට  ශල්‍යාගාර වලින්  පවා සේවයෙන් ඉවත්  වීම අනුමත නොකරන බවත් ඔහු කීවේය.