ජාතික පුස්තකාලයට නව මුහුණක්


ඩබ්ලිව් සුනිල් මහතා ජාතික පුස්කාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස  අද (11)  වැඩ භාරගත්තේය.

සහකාර  පුස්තකාලයාධිපතිවරයකු වශයෙන් 1997 දී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට එක් වු  සුනිල් මහතා  සිය සේවා කාලයේදී  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ  පුස්තකාලයාධිපති හා  නියෝජ්‍ය අධ්‍යක්ෂද ලෙස සේවය කැර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයයේ  ගෞරව ශාස්ත්‍රවේදී  උපාධිධරයකු හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලී විශ්ව විද්‍යාලයයේ  සිංහල විෂය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකුද වන ඒ මහතා මලයාසියාවේදී  මලයා විශ්ව විද්‍යාලයයේ  පුස්තකාල විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි.