ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්


(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.

බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය  හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේදී  රත්න ශ්‍රී විජේසිංහ මහතාට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්  වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පත්වීම් ලිපි බාරදුන් අතර අනතුරුව ඔවුහු ජාතික පුස්තකාල පරිශ්‍රයේදී රාජකාරි කටයුතු අරම්භ කළහ.

සුනේත්‍රා රාජකරුණානායක,අබ්දුල් රසාක් අබ්දුල් කරීම්,සිවසාමි රාජසිංහම්,ආචාර්ය වසන්තා සුබසිංහ,ආචාර්ය ආනන්ද තිස්ස, පී. හේමචන්ද්‍ර මහත්ම මහත්මියහු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ වෙති.

රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා වේ.