(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පොලිස් භාරයට ගැනීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ විද්‍යාලයේ ආදි සිසුන් බව කියන යුධ හමුදාවේ සේවය හැරගිය අයෙකු ඇතුලු දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
එම විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි කැඩෙට් පුහුණුවීමක් අතරතුර එම පුහුණුව සදහා පිටතින් සම්බන්ධ වූ ආදි ශිෂ්‍යයින් දෙදෙනෙකු පාසලේ තවත් පිරිසක් සහ එක්ව මෙම ගැටුම ආරම්භ වී තිබූ අතර ගැටුමට මැදි වී තුවාල ලැබූ ශිෂ්‍යාවන් හය දෙනෙකු සහ ශිෂ්‍යයින් පස් දෙනෙකු රෝහල් ගත කර තිබුණි