(ජයන්ත සමරකෝන්)
මෙරට ජාතික පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට නම් රුපියල් ලක්ෂ 20ක්වත් අවශ්‍ය වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මුදල් පාසැලේ ඇතැම් ගුරු, විදුහල්පතිවරුන්ට, ඊට උල්පන්දම් දෙන සංගම්වලට හෝ දේශපාලනඥයින්ට යන බව ද දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍යවරයා කීය.
ළමයින් ජාතික පාසලකට ඇතුළත් කරන්නට හොර උප්පැන්න ඇතුළු පදිංචි සහතික සකස් කරන්නේත්, කුඩා කළ සිටම දරුවන්ට බොරුව, වංචාව උගන්වන්නේත් දෙමාපියන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති ජාතික වැඩිහිටි හා ළමා දින උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.