ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයටත් වැස්සෙන් හානි


(දයාරත්න ඇඹෝගම)

පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් මුළු දිවයිනටම තිබෙන එකම රාජ්‍ය ආයතනය වන අනුරාධපුර නගරයේ පිහිටි ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ තිබු රුපියල් මිලියන 250 කට අධික වටිනා කමකින් යුතු යන්ත්‍රෝපකරණ ඇතුළු දේපල දැඩිසේ හානියට ලක්ව ඇතැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා පවසයි.

පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාවත් සමග මල්අතු ඔය පිටාර ගැලිමේ හේතුවෙන් ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය.

මෙම ආයතනය හරහා කෘෂි බෝග පලතුරු කුලුබඩු සම්බන්ධයෙන් අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා වූ සියලු ක්‍රියාකාරකම්වලට අදාළව පර්යේෂණ කිරීම හා ඒ පර්යේෂණ හරහා ලබාගන්නා දැනුම ජනගත කිරීම මෙම ආයතනය හරහා සිදුවේ.

ISO තත්ත්ව සහතික ලබා දෙන ශුද්‍ර ජීව විද්‍යාගාරය හා දේශීය තත්ව සහතික නිකුත් කරන රසායනාගාරයක් බරපතල ලෙස හානියට පත්ව තිබෙන බවත් සභාපතිවරයා පැවසිය.