ලබන වයඹ පළාත් සභා ඡන්දයට අනිවාර්යයෙන්ම ජාතික පවුරෙන් තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.
විදේශගතව සිට දිවයිනට පැමිණ ඔහු පැවසුයේ තමාට එරෙහිව විනය පරීක්ෂණයක්ද පක්ෂයෙන් නියම කැර ඇති බවයි.
‘මම රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලා සකච්ඡාවකට වෙලාවක් ඉල්ලා ලිපියක් යැවු බවට ප්‍රචාරයක් පවතිනවා.රනිල්ගෙන් සමාව ඉල්ලා ලිපියක් යැවීමේ අවශ්‍යතාවක් මට නෑ . එක්සත් ජාතික පක්ෂ මෙතරම් පිරීහිමට ලක් කළේ රනිල් වික්‍රමසිංහයි ඒ නිසා සමාව ඉල්ලා සිටිය යුත්තේ ඔහුයි.’

