ජාතික ගීයත් ඡන්ද වැඩට


‘ත්‍රිවිධ හමුදාවත් දේශපාලනයට යටකරගෙන දැඩි හමුදා ආරක්ෂාව යටතේ  ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය කරනවා.පත්තරවල දැන්වීම් වලට ජාතික ගීයත් යොදාගෙන.කටවුට් ගලවන්නෙත් නෑ. ආණ්ඩුව මැතිවරණ නීතී තදින්ම කඩ කරමින් සිටිනවා.‘ යැයි  සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ  සභාපති  කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිතහිමියෝ අද (29)  විපක්ෂ නායක කාර්යාලයයේෙ   මාධ්‍ය හමුවකදී පැවසූහ.

සෝභිත හිමියෝ මෙසේද පැවසුහ.

‘ ජනාධිපතිවරයා මැතිවරණය කරන්නේ අපේ පොදු ජනයාගේ සල්ලි වලින් .ඒත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  තමාගේ වියදමින් මැතිවරණ කටයුතු සිදු කරනවා.ඔහුට රැළියකට යන්නවත් දැඩි ආරක්ෂාවක් නෑ.ඒකම ලොකු අසාධාරණයක්.කවුරු දිනුවත් කමක් නෑ.මැතිවරණය සාධාරණව සාමකාමීව පවත්වන්න කියලා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලනවා.‘

 

_DSC0106