ජාතික ගීය දෙමළෙන් ගැයුවාට උසාවි යති


හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී   ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෘෘ සහ උපාලි අබේරත්න විනිසුරු මඩුල්ල මේ පෙත්සම සලකා බැලීය.

කැළණිය ගල්බොරැල්ල විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය දොන් ප්‍රේමරත්න පෙත්සම්කරුවෝය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කල යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වේ.