ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියළු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියෝ පවසති.
සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට බ්‍රහස්පතින්දා (11) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වු අවස්ථාවේ කාන්තාවෝ එම යෝජනාව ඉදිරිපත් කළහ.
ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක, එස්.විෙජ්න්ද්‍රන් සහ එස්.තවරාසා මහත්වරු ඇතිළු පිරිසක් මන්නාරම් දිස්ක්‍රිකයේ අදහස් විමසති.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පැවසුවේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව ගැන පමණක් කියැවෙන බවයි. වර්තමානයේදි සියළුදෙනා එක්ව සහයෝගයෙන් ජිවත්වන බැවින් සියළු ජාතීන්ට සංකේතාත්මකවන සංකේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවයි.
කාන්තාවන් දූෂණය කරන පිරිස සඳහා දඩුවම් ලබාදීම වෙනුවෙන් වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු අතර, කාන්තාවන්ගේ ගැටළු විසදීම වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවටද ඔවුහු පවසති.




