ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිසි ප්‍රමීතින් නොසලකා නිෂ්පාදන කරන ආයතනයනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කරයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ අමාත්‍යංශයේ දී පැවැත්විණි. පාරිභෝගික කටයුතු අධිකාරියේ හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ඊට එක්වූහ. ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් සම්මත කැරුණු එස් එල් එස් 693 : 1985 දරණ පිරිවිතරයන්ට පටහැනිව විවිධ ආයතන මගින් ජාතික කොඩිය නිෂ්පාදනය කෙරෙන බවත්, ඒවා විවිධ අවස්ථාවන්හි භාවිත කෙරෙන බවටත් පැමිණිලි ලැබී තිබේ. එවැනි කොඩි නිෂ්පාදනයට හෝ භාවිත කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග මෙහිදී සාකච්ඡා විය. පාරිභෝගික කටයුතු අධිකාරී පණත යටතේ රෙගුලාසි පැනවීමටත්, ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණයකට එළැඹිණි. ඒ අනුව ජාතික කොඩි නිෂ්පාදකයිනට එම රෙගුලාසි පිළිපැදීමට මාස 06 ක සහන කාලයක් දීමටත්, ඉන් අනතුරුව ද විකෘති කොඩි නිෂ්පාදනය කෙරෙන ආයතන වෙතොත් පාරිභෝගික අධි්කාරියෙන් නීතිමය පියවර ගැනීමටත් තීරණය විය.
ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී දී අනුගමනය කළ යුතු රෙගුලාසි සංග්‍රහය නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාවට ස්වදේශ අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා අත්සන් තබා ඇත . 1986 වසරේ දී සම්පාදනය කරන ලද රීති සංග්‍රහයට අනුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී අනුගමනය කළ යුතු ක්‍රම දක්වා තිබේ. මෙය රීති මාලාවක් පමණක් වන අතර, කැබිනට් අනුමැතියෙන් අනතුරුව ජාතික කොඩිය ප්‍රදර්ශනයේ දී එම නීති නොතකා හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිපාදන ස්ථාපිත කෙරෙනු ඇති බව ස්වදේශ අමාත්‍යාංශය කියයි.

