ජාතික කී‍්‍රඩා සංගම් තුනකට අතුරු කමිටු එයි


කායවර්ධන, ජිම්නාස්ටික් සහ අත්පන්දු (හෑන්ඞ්බෝල්) යන ජාතික සංගම් සඳහා අතුරු පාලක කමිටු 3 ක් පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ පැවැත්වීමේදී හටගෙන ඇති අර්බුදකාරී තත්වයන් නිසා කී‍්‍රඩා අමාත්‍ය වරයා විසින් මෙම අතුරු කමිටු පත්කරනු ලැබ ඇත.

1973 අංක 25 දරණ කී‍්‍රඩා පනතේ කී‍්‍රඩා අමාත්‍ය වරයාට පැවරී ඇති බලතල වලට අනුව මෙම අතුරු පාලක කමිටු පත්කර තිබේ. දැනට මෙම කී‍්‍රඩා සංගම් වල නිලවරණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සහ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නිලවරණ පැවැත්වීමට පියවර ගන්නා බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

ජිම්නාස්ටික් අතුරු කමිටුව
කර්නල් මහින්ද රාජපක්ෂ (සභාපති), ඇන්ටනී ඩයස් (ලේකම්), ශීලා ද සේරම් සහ අයි. පී. පද්මලතා

අත් පන්දු (හෑන්ඞ්බෝල්) අතුරු කමිටුව
අයි. පී. විජේරත්න (සභාපති), බී. ඞී. එල්. කුලරත්න (ලේකම්), ශිරෝමි පිලපිටිය, ලක්මිණි සමරසිංහ සහ ගිහාන් දල්පතාදු

කායවර්ධන අතුරු කමිටුව
කේ. එන්. කපිල කුමාර (සභාපති), ධම්මික සේනානායක (ලේකම්), කේ. පද්මසිරි පෙරේරා, ආර්. බී. වික‍්‍රමසිංහ සහ පී. එම්. ෆාර්න්