ඉතාලියේ පාදුවා හී ශාන්ත අන්තෝනි බැසිලිකා පරිශ්‍රයේදී 15 වැනි වරට පැවති ජාතික කිතුනු රැලියේ ප්‍රධානත්වය මැල්කම් කාදිනල් රංජිත් අඟරද ගුරුතුමෝ හෙබැවුහ.
හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් රද ගුරුතුමෝද ඊට සහභාගි විය.
ශ්‍රී ලාංකික ජනතාවට උරුමයෙන් ලැබුණු සරළ හා චාම් ජීවන රටාව මගින් ඉතාලි ජාතිකයන්ට ආදර්ශයක් වන්නැයි කොළඹ කාදිනල් තුමා ඉතාලියේ පාදුවා නුවර දී ජාතික කිතුනු රැලිය අමතමින් පැවසුවේය.
ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ වාර්ෂික එකමුතුවේ පහළොස්වන සංවත්සරය නිමිතිකොටගෙන අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවට රන් මිණි කිරුළක් ඉතාලියේ ශ්‍රී ලංකා සංක්‍රමණිකයන් පිළිබඳ ජාතික සම්බන්ධිකාරක නෙවිල් ජෝ පෙරේරා පියතුමන් අතින් පැළදවීමද එහිදී සිදුවිය.