ජාතික ක්‍රීඩා උළෙලට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණයක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප රටේ ලියාපදිංචි වී තිබෙන ක්‍රීඩා සංගම් 74 ක් සඳහා නව රෙගුලාසි හදා තිබෙනවා. ඒ වගේම අප කිසිම ක්‍රීඩාවක් අතහැර නෑ. අවශ්‍ය කරන ප්‍රතිපාදන හරියාකාරව ලබා දී තිබෙනවා.

ක්‍රීඩා සංගම් වල නිවැරදි පරිපාලනයක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් ස්ථාපිත කිරීම සඳහා අප මේ පනත සංශෝධනය කර තිබෙනවා.ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ඒකාධිකාරයක් තිබෙනවා. 

සමහර නිලධාරීන් සභාපති ලේකම් ධුර වල වසර 25ක් රැඳී සිට තිබෙනවා. ඇතැම් නිලධාරීන්ට ක්‍රීඩා සංගම්  ඇතුලේ වයසට ගොස් මියයන්න පවා අවශ්‍ය වී තිබුණා.ගොඩක් අය ක්‍රීඩාව දියුණු කරනවා වෙනුවට ක්‍රීඩාකයන් සමඟ රට සංචාර යන්න අවශ්‍ය වී තිබුණා.ඇතැම් නිලධාරීන් පිටරට ගිහින් අඩුවට බඩු ගන්න තියෙන සාප්පු ගැන නම් හොඳින් දන්නවා යනුවෙන්ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.