ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද කැබිනට් අනුමැතියට


ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරණ බව රජයේ ආරංචි පවසයි. එය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියය වැඩසටහනෙහි දක්වා ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පෙබරවාරි 06 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ බවයි.

ඖෂධ පනත නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මතකැර ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අදාල පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ දී අස්ථාන ගතවී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමෙන් මෙරට දිළිඳු ජනතාවට විශාල සහයක් හිමිවන බවයි.