ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවේ මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ සංවිධානය වෙනුවෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.