ජාතික ආරක්ෂාවට දේශපාලනේ නෑ


ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ස්ථාපනය කර ඇති කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නැගෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට ත්‍රිකුණාමලයේදී පැවසීය.

අමාත්‍යවරයා වෙනුවෙන් 22 සේනාංක මූලස්ථානයේදී යුද හමුදා උත්තමාචාරයක්ද නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා උත්තමාචාරයක්ද පැවැත්විණි.

යුද හමුදා කඳවුරු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදා භට පිරිස් අමතමින් කියා සිටියේ පුහුණු අවස්ථා සඳහා පැවති සීමා ඉවත් කරන බවයි. එමෙන්ම ජාතික ආරක්ෂාව වැනි සංවේදී විෂයයක් අවස්ථාවාදී දේශපාලනයට යොදා නොගන්නා බවද ඒ මහතා කීවේය.

DSCN1702 DSCN1712 DSCN1718 DSCN1723 DSCN1724 DSCN1734 DSCN1746 DSCN1752 DSCN9380 DSCN9393 DSCN9395 DSCN9397