ජාතික ආරක්ෂක සමුළුවට ජනපති යයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (INSS) විසින් සංවිධානය කරන ලද ජාතික ආරක්ෂක සමුළුව - 2023 රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) උපාධි අධ්‍යයන පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එක්විය.

INSS හි අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන (විශ්‍රාමික) විසින් වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කථාව කළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.