ජාතික ආණ්ඩු විරෝධී පෙත්සම විසිවෙයි


දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, පත් කර සිටින අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමතිවරුන්  සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම බලරහිත කරන ලෙස  ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර සහ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) නිෂ්ප‍්‍රභ කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් නොමැති බව ද ජාතික ආණ්ඩුව කථානයකවරයා විසින් නීත්‍යනුකූලව සම්මත කරන ලද්දක් බැවින් එය අභියෝගයට ලක් කරමින් පෙත්සමින් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව ද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,සිසිර ද ආබෲ සහ  උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.