ජාතික ආණ්ඩු බබා අද බිහිවේ?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (22) සවස ආණ්ඩුවට එකතුවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතරදී ප්‍රකාශ කළේය.

ජාතික රජයක් පිහිටුවීම මෙම එක්වීමේ අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධූර කිහිපයක් ලබාදීමට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන බ්‍රහස්පතින්දා චීනය බලා යාමට පෙර ජාතික රජයක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

ජාතික රජයක් පිහිටවීමෙන් පසු මහා මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමටද බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.