(හර්ෂණ තුෂාර සිල්වා)
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු ව්‍යවසායවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පවසයි.
රජය සතු විශාල වාණිජ ව්‍යවසායවල සංස්ථාපිත අභිප්‍රාය පිළිබඳ ප්‍රකාශන අවසන් කොට ප්‍රකාශයට පත් කිරීම මෙම ආයතනවල විනිවිදභාවය සහ වගකීම ඉහළ නැංවීමට අවශ්‍ය පළමු පියවර වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා දීමට නියමිතය. ඉකුත් වසර මැදදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් දුන්නේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සිය ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් මෙම කරුණු පෙන්වා දෙයි.

