ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා ශූරතාව ලයිසියම් විදුහලට


ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව පිට පිට සිවුවැනි වතාවටත් දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. තරගාවලිය 12 වැනිවරටත් දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. කොළඹ ගෙට්වේ ජාත්‍යන්තර පාසල ක‍්‍රීඩා උළෙලේ අනුශූරතාව හිමිකරගත් අතර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට තෙවැනි ස්ථානය හිමි විය. ජාත්‍යන්තර පාසල් විදුහල්පතිවරුන්ගේ සංගමයට අයත් ජාත්‍යන්තර පාසල් 22 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 3000ක් මෙවර තරගාවලියේදී ඉසව් 130 කට සහභාගි වූහ. ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් එහි ක‍්‍රීඩා නායක කවිෂ්ක පෙරේරා විසින් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූ    ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායකයකු වූ අනුර තෙන්නකෝන් මහතා අතින් ශූරතා පළිහ ලබාගත් අයුරු. ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මලල ක‍්‍රීඩා නායිකා ජෙනට් කල්දේරා ද මෙහි වෙති.