ජාත්‍යන්තර පාසල් ගුරුවරිය හොරෙන් එළිය අරං


සුර්ය බල ශක්තියෙන් විදුලිය ගන්නා බව හඟවා විදුලි මීටරයට පිටින් සම්බන්ධ කළ වයරයකින් නිවසට වංචාවෙන් විදුලිය ලබා ගත් බවට වරද පිලිගත් දෙහිවල ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් කපිල බංඩාර ඉලංගසිංහ මහතා විදුලි බල මණ්ඩලයට රුපියල් 657932 වන්දියක් හා රුපියල් 35000 රජයේ ගාස්තුද ගෙවන ලෙස නියෝග කළේය.

දෙහිවල ඇලන් මාවතේ පදිංචි ෆාතිමා රුෂ්ණා සුල්ෆිකාර්ට මෙසේ දඩ හා දඩුවම් නියම කෙරිණි.

විදුලි මීටර් දෙකට සවිකර ඇති ස්වයංක්‍රීය බලගන්වන මගින් ප්‍රධාන සැපයුමෙන් විදුලිය විසන්ධි කර ව්‍යාජ සැපයුම් හරහා වසරකට ආසන්න කාලයක් ඇය වංචාවෙන් විදුලිය ලබා ගෙන ඇතැයි සැකකාරිය ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කර්යාලයේ විශේෂ විමර්ශන අංශය අධිකරණයට පැවසීය.