ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12500 ක් පොලිස් භාරයට ගෙන ඇතග

සැකකරුගේ පියා  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්  මුදා ගැනීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු හා එහි උපදේශකයකු වශයෙන් කටයුතු කරන අයෙකු වන අතර පුද්ගලයා එහි පුද්ගලයන් 30 කු මේ වන විටත් පුනරුත්තාපනය  වෙමින් සිටින බවත් බවත් මව රජයේ පාසලක ගුරුවරියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.