ජාජබ විරෝධය නිසා රාජගිරියේ තදබදයක්


පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධයක් නිසා රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිර මාර්ගය අවහිරවී ඇත. 

විරෝධතාකරුවන් ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කළේය. 

මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.

අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගයේ සාමාජිකයන් 26 දෙනකුට එරෙහිව  එම තහනම් නියෝගය නිකුත් කළේය.

ගයාන් අමරසේකර