ජාඇල පාලමේ පිපුරුමක්: මං තීරුවක් වසයි


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයකින් පිපුරුම් සලකුණු මතුවීම හේතුවෙන් ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

රථවාහන ආරක්ෂාකාරීව ධාවනය කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.