ජා.ජ.බ යූ.එන් යයි


(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය අද (17) කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රමුඛ පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ලිපියක් භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් බවයි.