ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා අභිරහස් ලෙස මිය ගිහින්


(  රංජිත් රාජපක්ෂ   )            

හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිළ නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වටවල පොලිසිය පැවසීය.

මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ අනවකි රිටෝ අමින් නැමති (45) හැවරිදි අයයි.

මෙම  වතු අධිකාරිවරයා අද (25) අලුයම සේවයට වාර්ථා කිරිම සදහා අවදි නොවු නිසා එම නිළ නිවසේ සේවයේ නියුතු කෝකියා සහකාර වතු අධිකාරිවරයාගේ නිදන කාමරයට ගොස් පරික්ෂා කර බලා එහි සහකාර වතු අධිකාරිවරයා නොසිටි නිසා නාන කාමරය පරික්ෂා කිරිමේදි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා එහි වැටි කතා නොකර සිටිම හේතුවෙන් කෝකියා විසින් නිළ නිවාසේ මුරකරු දැනුවත් කර එම වතුයායේ වතු අධිකාරිවරයා මගින් වටවල පොලිසිය දැනුවත් කර ඇත.

නානකාමරය තුලදී ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලිස්සා වැටී හිස බිත්තියක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවට වටවල පොලිසිය සැකකරයි.