ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් නෙත් පියා ගනී


ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වු කරුණාදාස සුරියආරච්චි මහතා (69) අභාවප්‍රාප්ත විය.

සිළුමිණ  උපදේශක කර්තෘවරයා වු ඔහු  කසුරි නම්න් තීරු ලිපි ලියුවේය.2005-2013 සමයේ ඔහු සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා විය.ඔහු සිළුමිණට එක් වුයේ දිවයින පුවත්පතෙනි.

ඔහු සම්මානනීය නව කතතාකරුවෙක්ද විය.දේහය ගම්පහ බණ්ඩාරවත්තේ ඔහුගේ නිවසේ තැන්පත් කැර ඇත.

සූරියආරච්චි මහතා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.