අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පත් කර ඇත.
එහි අධ්‍යක්ෂ ලෙස දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එල් ආර් රණවීර මහතා පරීක්ෂණ හා පුණරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරු කර තිබේ.
රහස් පොලිස් පරීක්ෂණ කල් යෑම ගැන බොහෝ දෙනෙක් පසුගිය කාලයේ චෝදනා එල්ල කළහ. රතුපස්වල ගම්වාසීන් පොලිස්පතිගෙන් ඉල්ලා තිබුණේ වැලිවේරියේ වෙඩි තැබීම ගැන රහස් පොලිසියෙන් පරීක්ෂණයක් කරනවා නම් රණවීර මහතා ඉවත් කර සිදු කරන ලෙසයි. ඊට හේතුව වූයේ රතුපස්වල ගැටුම කළින් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනය කරද්දී එහි අධ්‍යක්ෂ වූයේ ද රණවීර මහතා වීමය.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් එස් පතිනායක මහතා ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය මහතා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් මාරු කර තිබේ.

