ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුමේ උපරිම අගය ලක්ෂ 15 ට නංවයි


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට කාර්තුවකට ගෙවන සියයට 15ක විශේෂ පොලී අනුපාතිකය සඳහා තිබිය යුතු උපරිම මුදල ලබන මාර්තු පළමුවැනිදා සිට රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය අද(15) නිවේදනය කළේය. 
 
මීට පෙර සියයට 15ක මෙම විශේෂ පොලී අනුපාතිකය සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුමක තිබිය යුතුව තිබූ උපරිම මුදල රුපියල් ලක්ෂ දහයක් විය. 
 
වයස 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ දහයක ස්ථාවර තැන්පතු සඳහා සියයට 15ක විශේෂ පොලී අනුපාතිකයක් පවත්වාගෙන යෑමට දින සියයේ වැඩසටහන යටතේ යෝජනා කැරිණි.