ජවිපෙයි හෙළ උරුමයයි දැන් මෙගා ටෙලියක් කරනවා


මෙගාඩීල් ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය දැන් මෙගා ටෙලි නාට්‍යයක් රඟපාන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (31) බත්තරමුල්ල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ප්‍රධාන පක්ෂ ගැන කලකිරෙන පිරිස තම පක්ෂවලට ගැනීමේ උත්සාහයක නිරතවන්නේ යැයිද මුසම්මිල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දණ ගසා ඇතැයි ද ඔහු කීවේය.