රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියයි.
නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ප්‍රසිද්ධියේ පොලු මුගුරු රැගෙන ජනතාව බලා සිටිය දී මහ මඟදී සේවකයන්ට පහර දීමට තරම් මැර කණ්ඩායම්වලට ලැබී ඇති බලය කාගේදැයි ගැටළු සහගත බවත් හේරත් මහතා සඳහන් කරයි.
ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සේවකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙන මන්ත්‍රීවරයා පොලිසියෙන් ඉල්ලයි.

