ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති මහතා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට හොඳ චරිත සහතිකයක් දුන්නේය.
‘අපේ පාර්ලිමෙන්තුවේ නිවැරදිව, නිරවුල්ව, අදහස් ප්‍රකාශ කරන හෘදසාක්කියට අනුව ජීවත්වෙන්න පුළුවන් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ටික දෙනා අතරේ ඉන්න බොහොම වැදගත් ඇමැතිවරයෙක් ගයන්ත කරුණාතිලක මහතා. විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට එය ගෞරවයක්. තමන්ගේ ඡන්දය දෙන නියෝජිතයාට ගරු කරන්න පුළුවන් චරිතයක් තිබෙනවා නම් ඒ බොහොම ටික දෙනාටයි. මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මං එහෙම දැකපු අය ඉන්නේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරේ ගයන්ත ඇමැති ඉන්නවා. එය එතුමාට ඡන්දය දීපු අයටත් ලොකු ගෞරවයක්‘
හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ඇල්පිටිය ඇල්ල ශ්‍රී රාජාභිශේකාරාමයේ පැවතී උත්සවයක් අමතමිනි.