ජවිපෙත් ‘එට්කා‘ විරෝධයට


ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද අත්පත්‍රිකා බෙදා හැරියේය.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

ටිල්වින් සිල්වා පැවසුයේ ‘මෙම ගිවිසුම අපේ රටේ ආර්ථිකයට බරපතල ලෙස හානි කරනවා. ඉන්දියාවේ භාණ්ඩ බදු රහිතව ලංකාවට පැමිණෙන නිසා දේශීය නිෂ්පාදනය බරපතල කඩාවැටීමකට ලක් වෙනවා. ඉන්දීය ශ්‍රමිකයන් ලංකාවට ඒමෙන් ලංකාවේ රැකියා ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. මෙම ගිවිසුමෙන් ලංකාවට කිසිම වාසියක් නැහැ අගමැතිතුමා කියනවා රටේ ආර්ථිකය වැටිලා කියලා එසේ කියද්දී තවම මේ ගිවිසුම අත්සන් කරන්නේ ඇයි? ලංකාවේ ආර්ථිකය බිදවැටි ඇත්නම් තියෙන්නේ රටේ නිෂ්පාදන වැඩි කිරීමයි.

JVP_201639 JVP_201639-2 JVP_201639-3 JVP_201639-4 JVP_201639-5

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක