කුඩු කිලෝග්‍රෑම් 261 කින් යුක්ත කන්ටේනරය නිදහස් කරන්නැයි ඉල්ලා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් යොමු කළ බව පිළිගැනීමෙන් හෙළිවන්නේ අගමැති වෙනුවට ලේකම්වරුන් රට පාලනය කරමින් සිටින බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ට නිදහසේ සැරිසරන්නට ඉඩ දී මතට ඇබ්බැහිවූ තරුණයන් සිරගෙයි ලෑම තම ප්‍රතිපත්තිය දැයි රජයෙන් විමසා සිටින බව ද හෙතෙම කීය.
කුඩු එතනෝල් හා අරක්කු ජාවාරම පිටුපස ඇමැතිවරුන් රැසක් සිටින බවට චෝදනා කළ මන්ත්‍රීවරයා එවැනි තත්ත්වයක දී අගමැතිවරයා පමණක් නොව සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව ද පැවැසීය.